චීනය නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ නව ගමනක

ඔක් 26, 2022

    නවීන සමාජවාදී රටක් ගොඩනැගීම උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ දැක්ම නිසිලෙස අධ්‍යයනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියාසිටී.

    චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය, 20 වන ජාතික කොංග්‍රසයේ දැක්ම පිළිබඳ පළමු අධ්‍යයන රැස්වීම ඊයේ (25) පැවැත්වීය. එහි මුලසුන දැරුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා යි.

    පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය වැදගත් දේශපාලනික, න්‍යායික හා ප්‍රායෝගික ජයග්‍රහණ මාලාවක් දිනාගත් අතර, නවයුගයක් කරා නව ගමනක නිරත පක්ෂයට හා රටේ සංවර්ධනයට ප්‍රතිපත්ති හා උපායමාර්ගික සැලසුම් සකස් කර ඇති බව චීන ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු චීනයේ බීඡිං නුවර සිට.

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 19:47

    Latest News