යුක්‍රේන ප්‍රහාරයකින් රුසියාවේ 25ක් මරුට

ජන 06, 2024

    රුසියාවේ “බෙල්ගරඩ්” නගරයට යුක්‍රේන හමුදාව දැඩි ප්‍රහාර එල්ල කර ඇති බව, වාර්තා වනවා.

    එහිදී 25 දෙනෙකු මිය ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. යුක්‍රේන ප්‍රහාරවලින් පසු රුසියාවේ “බෙල්ගරඩ්” නගරයේ ඇතැම් පදිංචිකරුවන් ඉන් ඉවත්ව යමින් සිටින බව ද, වාර්තා වනවා. 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, රුසියානු බලධාරීන් පවසන්නේ.

    රුසියාව විසින් යුක්‍රේනය, ආක්‍රමණය කිරී‍මෙන් පසු යුක්‍රේන හමුදාව රුසියාව වෙත එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයක් ලෙසයි, විදෙස් මාධ්‍ය මෙය පෙන්වා දෙන්නේ. නගරයෙන් ඉවත්ව යන පදිංචිකරුවන් සඳහා තාවකාලික නවාතැන් සහ අනෙකුත් සහන සැලසීමට පියවර ගනිමින් සිටින බව, රුසියානු බලධාරීන් පවසනවා.

    Latest News