ඉම්රාන් ඛාන්ට එරෙහි දූෂණ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා - තෙරික් ඊ ඉන්සාෆ් පක්ෂය

ඔක් 24, 2022

    පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති සියලු දූෂණ චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බව, තෙරික් ඊ ඉන්සාෆ් පක්ෂය පවසනවා.

    එම පක්ෂයට නායකත්වය දෙන්නේ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්.

    ඉකුත් සිකුරාදා හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරට මැතිවරණ කොමිසම තීන්දු කරනු ලැබුවා. ඒ අනුව, ඔහුට වසර 5 ක් යන‍ තෙක් මන්ත්‍රී ධුරයක් සඳහා තරග කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා පදනම් කර ගනිමිනුයි, එරට මැතිවරණ කොමිසම මෙවන් තීන්දුවක් ගනු ලැබුවේ. ඒ සම්බන්ධයෙන් නීති රාමුව තුළ ක්‍රියා කිරීමට තෙරීක් ඊ ඉසාෆ් පක්ෂය පියවර ගෙන තිබෙනවා. ඉම්රාන් ඛාන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ, එරට වත්මන් අග්‍රාමාත්‍ය ශබාස් ශරීෆ් නායකත්වය දරණ පාලක මුස්ලිම් ලීගයයි.

    Latest News