පකිස්තාන අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද

අප්‍රේ 09, 2022

    පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු රජය කෙරෙහි පාර්ලිමේන්තුවේ, විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ කර තිබෙනවා.

    ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අගමැතිවරයාට හා රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව යළි පාර්ලිමේන්තු ඡන්දය සඳහා ඉදිරිපත් කෙරුණේ, බ්‍රහස්පතින්දා රාත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුවයි. ඉකුත් ඉරිදා පාර්ලිමේන්තුවේ උප කථානායකවරයා තීන්දු කළේ, විශ්වාසභංග යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රෙගුලාසිවලට පටහැනි බැවින් එය ඡන්ද විමසීමකින් තොරව ඉවත දැමීමටයි.

    විපක්ෂය එම ප්‍රශ්ණය ශ්‍රේෂ්ඨාධීකරණයට යොමු කළා. එහිදී ශ්‍රේෂ්ඨාධීකරණය තීන්දු කළේ, විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විය යුතු බවයි. ඒ සඳහා අද දිනය යොදා ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධීකරණය පාර්ලිමේන්තුවට දන්වා තිබුණා. අගමැති ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු බහුතරය අහිමි වී ඇති බැවින් විශ්වාසභංග යෝජනාව පරාජය වීමට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

    Latest News