අත්අඩංගුවට පත් ඉම්රාන් ඛාන් නිදහස් කෙරේ

මැයි 12, 2023

    අත්අ‍ඩංගුවේ පසු වූ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.

    ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවයි. 

    70 හැවිරිදි හිටපු අගමැති ඉම්රාන් ඛාන්, පකිස්තානයේ අතුරු හමුදා නිලධාරීන් විසින් ඉකුත් අඟහරුවාදා අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉස්ලාමාබාද් නුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී. ඒ, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මහාධිකරණයේ පැවති නඩු විභාගයට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී. හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ ආධාරකරුවන් විරෝධතා පැවැත්වූ අතර, එහිදී, පොලිසිය සහ ආධාරකරුවන් අතර, ගැටුම්කාරී තත්වයක් ද හට ගැනුණා. ගැටුම්වලින් 11 දෙනෙකු මිය ගිය බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වුවද, පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අගමැති ඉම්රාන් ඛාන්, අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට, තීන්දු කර ඇති අතර, ඒ අනුව, ඔහු වහාම නිදහස් කරන ලෙස ඊයේ නියෝග කර තිබෙනවා.

    Latest News