බ්‍රිතාන්‍යයට නව අග්‍රාමාත්‍යවරයෙක්...

ඔක් 24, 2022

    එළඹෙන 28 වැනිදා බ්‍රිතාන්‍යයට නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

    හිටපු මුදල් අමාත්‍ය සුනක් රිෂී එම ස‍ටනේ ඉදිරියෙන් සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රිතාන්‍ය අගමැති සටනෙන් හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉවත්ව ඇති බවයි, ප්‍රකාශ කර ඇත්තේ. අගමැති තනතුරෙන් ඉකුත් සතියේ ඉවත් වූ ලිස්ට් ට්රේස් වෙනුවට බොරිස් ජොන්සන් කන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව, ඊයේ ප්‍රකාශ කෙරුණා. බොරිස් ජොන්සන් වෙත මන්ත්‍රීවරුන් 102 දෙදෙනෙකුගේ සහය ලැබී තිබුණා. මේ වන විට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සටනේ ඉදිරියෙන්ම සිටින්නේ, එරට හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රිෂී සුනක් බව විදෙස් මාධ්‍ය, සඳහන් කරනවා. ඔහුට කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් 150 කගේ සහය ලැබී ඇති බවයි, වාර්තා වන්නේ. මීළඟ අගමැති අපේක්ෂත්වය සඳහා දැනට බ‍ලයේ සිටින කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් 357 දෙනාගෙන් අවම වශයෙන් සිය දෙනෙකුගේ සහය හිමි විය යුතුයි.
    රිෂී සුනක් හැරුණු විට, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සටන සඳහා ඉල්ලුම් කර ඇත්තේ, පෙනී මෝඩුවන් මහත්මියයි. ඇය බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා යටතේ කණිෂ්ඨ ඇමතිවරියක ලෙස කටයුතු කර තිබුණා. කෙසේ වුවද ඇයගේ අග්‍රාමාත්‍යධුර අපේක්ෂකත්වය සඳහා සිටින්නේ, මන්ත්‍රීවරුන් 30 කට අඩු සංඛ්‍යාවක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News