කොරියාවේ ගුවන් අනතුරක්

ඔක් 24, 2022

    කොරියානු මගී ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. එහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 173 දෙනෙකු සිටි බවයි, වාර්තා වන්නේ.



    කොරියානු ‍ගුවන් සේවයකට අයත් යානය, ගොඩබාන අවස්ථාවේ ලිස්සා යාමෙන් අනතුර සිදු වුණා. ඒ, මධ්‍යම පිලිපීනයේ ගුවන් තොටුපොළකදී. යානය ගමන් ගත් 173 දෙනාගෙන් 11 දෙනෙකු ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්. කිසිවෙකුටත් බරපතල තුවාල සිදු වී නොමැති බවයි, වාර්තා වන්නේ. ගුවන් පථය මත ලිස්සා ගිය යානය, ගුවන් තොටුපොළ කෙලවර තෘණ පිටියකයි, නතර වූයේ. ඉන් යානයටත්, ගුවන් පථයටත් දැඩි හානි සිදු වුණා.

    Latest News