රැජිනගේ මුණුබුරන් දේහයට අවසන් ගෞරව දක්වයි

සැප් 18, 2022

    දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අති විශාල ජනකායක් දිවා රාත්‍රී නොබලා දිගු පෝලිම්වල රැදී සිටියි. මේ අතර,  විලියම් කුමරු, හැරී කුමරු හා රැජිනගේ මුණුබුරන් දේහයට ඊයේ අවසන් ගෞරව දැක්වීය. 

    වේස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය ඉදිරිපිට හිසනමා විනාඩි 15ක් නිශ්චලව සිටිමින් හැරී කුමරු, විලියම් කුමරු ඇතුළු රාජකීයන් විසින් මෙම රාජකීය චාරිත්‍රය සිදුකරනු ලැබීය.

    මෙහිදී විලියම්  කුමරු හා හැරී කුමරු නිල් පැහැති රාජකීය නිල ඇඳුමින් සැරසී සිටි අතර,  සෙසු පිරිස් කළු පැහැති ඇඳුමින් සැරසී සිටියා.  මේ අතර,  පසුගිය දින, තුන්වන චාර්ලිස් රජු, ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු සහ එඩ්වඩ් කුමරු මෙසේ රැජිනට අවසන් ගෞරව දක්වා තිබිණ.  ඒ වෙනුවෙන් රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් ද වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැඳී සිටියි. 

    මේ අතර,  බ්‍රිතාන්‍යයේ ඉහළපෙලේ බලධාරින් හා විදෙස් රජ පවුල්වල සාමාජිකයින් ද රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතයි.  වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය හෙට වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන යයි.  එරට මෙට්‍රොපොලිටන් පොලිසිය පවසන්නේ,  දෙවන එළිස‍බත් රැජිනගේ අවමංගල්‍යය මෙතෙක් ඔවුන් සිදුකළ විශාලතම මෙහෙයුම බවයි.

    රැජිනගේ අවමංගල්‍යයට සම්බන්ධ වූ සියලු දෙනා එය තමාට ලැබුණු ගෞරවයක් ලෙස සළකයි. රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය වෙස්මිටින්ටර් ඇබේහිදීයි පැවැත්වෙන්නේ.  මේ අතර,  රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාවට එරට පුණ්‍යාධාර ආයතන මගින් ආහාර ඇතුළු උපකාරක ද්‍රව්‍ය සැපයීමට පියවර ගෙන ඇති අතර එවැනි ද්‍රව්‍ය වෙස්මිනිස්ටර් ශාලාවට රැගෙන ඒම තහනම් කර තිබේ. 

    රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා කිලෝමීටර් 08ක් පමණ දුරට ජනතාව පෝලිම් ගැසී සිටියි.  මේ අතර, රැජිනගේ අවමංගල්‍ය උත්සවය හෙට පස්වරු 03.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි. 

    Last modified on ඉරිදා, 18 සැප්තැම්බර් 2022 12:31

    Latest News