රටවල් රැසක ජනතාව, උග්‍ර ආහාර හිඟයකින්

සැප් 18, 2022

    ලෝකයේ රටවල් රැසක ජනතාව, උග්‍ර ආහාර හිඟයකින් පෙළෙන බව, ලෝක ආහාර වැඩසටහන පවසයි.

    පසුගිය වසර 6 ක කාලය තුළ ආහාර හිඟයෙන් වඩාත්ම බලපෑමට ලක් වූ රටවල එම තත්වය සියයට 123 කින් ඉහළ ගොස් ඇති බවයි, එම වැඩසටහන පෙන්වා‍ දෙන්නේ.   

    දේශගුණික විපර්යාස හා රුසියානු - යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන්, ආහාර හිඟය උග්‍ර අතට පත් වී ඇති බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි. 

    සෝමාලියාව, හයිටි, කෙන්යාව, ඇෆ්ගනිස්ථානය, ග්වාත‍මාලා, මැඩගස්කරය, බුර්නිකාෆාසෝ, සිම්බාබ්වේ යන රටවල ආහාර හිඟය උග්‍රවී ඇති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.  එම රටවල මිලියන 48 ක ජනතාවක් දැනටමත් උග්‍ර ආහාර හිඟයකින් පෙලෙන බවද එම වැඩසටහන සඳහන් කරයි.  

    Last modified on ඉරිදා, 18 සැප්තැම්බර් 2022 11:33

    Latest News