රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වන්න විශාල ජනකායක්

සැප් 16, 2022

    අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජනට විශාල ජනකායක් අවසන් ගෞරව දක්වමින් සිටියි.

    ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා ‍මේ වන විට ලන්ඩන්හි වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබේ. 

    දේහයට ගෞරව දැක්වීම සඳහා ජනතාව එක් රැස් වී සිටින පෝලිම කිලෝමීටර 8 කට ආසන්න බවයි, වාර්තා වන්නේ. රැජිනට, අවසන් ගෞරව දැක්වීමට දේශීය මෙන්ම විදේශීය බොහෝ පිරිසක් ද සහභාගීවෙමින් සිටියි.

    අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට, සාමාන්‍යයෙන් පැය 12 කට ආසන්න කාලයක් පෝලිමේ රැඳීසිටීමට සිදු වන බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ලබන 19 වැනිදා රට පුරා විනාඩි 2 ක නිහඬතාවක් පැවැත්වීමට ද තීරණය කර තිබේ. 

    Last modified on සිකුරාදා, 16 සැප්තැම්බර් 2022 11:07

    Latest News