රැජිනගේ දේහය ඉදිරිපිට සිදුකළ රාජකීය චාරිත්‍රය

සැප් 17, 2022

    දෙවන එලිසබත් රැජිනගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා විශාල සංඛ්‍යවක් දිවා රාත්‍රී නොබලා දිගු පෝලිම්වල රැදී සිටිනවා. රැජිනගේ දේහය සැප්තැම්බර් 19 වැනිදා දක්වා එරට පාර්ලිමේන්තුවේ වෙස්මිනිස්ටර් ශාලාවේ තිබෙන අතර එදින උදෑසන අවසන් අමංගල්‍ය උත්සවය සඳහා වෙස්මිනිස්ටර් ඇබේ දේවාස්ථානයට රැගෙන යනු ඇති.

    එරට මෙට්ට්‍රෝපොලිටන් පොලිසිය පවසන්නේ, දෙවන එලිසබත් රැජිනගේ අවමංගල්‍යය මෙතෙක් එම පොලිසිය විසින් සිදු කළ විශාලතම මෙහෙයු ලෙස හඳුන්වන බවයි.

    බ්‍රිතාන්‍ය රජයේ ආරංචි මාර්ග පවස‍න්නේ, මෙම අවමංගල්‍ය කටයුතු සඳහා සම්බන්ධ වූ සියලු දෙනා එම කර්ත්‍යවය සැබෑ ගෞරවයක් ලෙස සලකන බවයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් ඇතුළු සිය ගණනක් ලෝක නායකයින් සහ සම්භාවනීය අමුත්තන් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා ලන්ඩන් නුවර වෙත සංචාරය කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඊයේ දින වන විට රැජිනගේ දේහය නැරඹීමට විශාල සංඛ්‍යවක් පෝලීම්වල රැදී සිටිනවා.       

    එරට බලධාරින් පවසන්නේ මෙම පෝලීම ‍කිලෝමීටර් අටක් ගිනිකොණ දිග ලන්ඩනය දක්වා ඇති විහිදි ඇති බවයි. ඊයේ රාත්‍රීයේ තුන්වන චාල්ස් රජු, ඈන් කුමරිය, අන්ඩෘ කුමරු සහ එඩ්වඩ් කුමරු රාජකීය චාරිත්‍රයක් ලෙස රැජිනගේ දේහය ඉදිරිපිට හිස නමා විනාඩි 15 කාලයක් නිශ්චලව සිටියා.

    එම චාරිත්‍රානු මොහොත නැරඹීමට රාජකීය පවුලේ සෙසු සාමාජිකයින් එම ශාලාවේ රැස්ව සිටියා. විලියම් සහ හැරී කුමරු මෙන්ම රැජි‍නගේ මුනුපුරන් අද රාත්‍රීයේ  එම චාරිත්‍රය ඉටු කරනු ඇති බවට එරට බලධාරින් වාර්තා කරනවා.

    Latest News