මහ රැජිනගේ අශ්වයන් 14ක් වෙන්දේසියට

ඔක් 25, 2022

    බ්‍රිතාන්‍යයේ හිටපු දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ  අශ්වයන් 14 දෙනෙකු වෙන්දේසි කිරීමට ඇයගේ පුත් තුන්වැනි චාර්ල්ස් රජු තීරණය කර තිබෙනවා.

    සතුන්ට දැඩි‍ ලෙස ආදරය කළ රැජිනක ලෙස සුප්‍රසිද්ධව සිටි දෙවැනි එළිසබෙත්  මහ රැජින සතුව විශාල අශ්වයන් සංඛ්‍යාවක් සිටියා.

    රැජිනගේ අශ්වයන් වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇත්තේ, ටැටර්සල්ස් සරත් ඍතු තුළට වෙන්දේසියේ දී.

    මෙය, ලොව අශ්ව වෙන්දේසිය සඳහා පැවැත්වෙන විශාලතම අවස්ථාවක් ලෙසයි, සැලකෙන්නේ.

    මෙම සතිය පුරා පැවැත්වෙන වෙන්දේසියේදී අශ්වයන් 1,500 ක් පමණ අලෙවි කෙරෙනු ඇති. රැජිනගේ අශ්වයන් වෙන්දේසි කිරීම පිළිබඳ ලොව පුරා දැඩි අවධානයක් යොමුව තිබෙනවා. කෙසේ වුවද, රජ පවුලේ ප්‍රකාශයෙකු කියා සිටියේ, මෙය සෑම වසරකම සිදු කරනු ලබන දෙයක් නිසා, එහි අසාමාන්‍ය තත්වයක් නොතිබෙන බවයි.

    රැජින ජීවත්ව සිටියදී ද අලුතින් අශ්ව පැටවුන් උපදින අවස්ථාවල බොහෝ කලක් ඇති දැඩි කළ අශ්වයන් වෙන්දේසි සඳහා ඉදිරිපත් කළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 25 ඔක්තෝබර් 2022 15:13

    Latest News