තායිවානයට සුනාමි අනතුරු ඇඟවීම්...

සැප් 18, 2022

    තායිවාන දූපතට ඔබ්බෙන් මැග්නිටියුඩ් ඒකක 6 දශම 9ක ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. 

    එහි ප්‍රභලත්වය සැලකිල්ලට ගනිමින් බලධාරින් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.  තායිවාන වේලාවෙන් භූමිකම්පනය හටගෙන ඇත්තේ, අද දහවල් 2.44ට පමණ. එහි අපකේන්ද්‍රය ටයිටන්ග් නගරයට ඔබ්බෙන් කිලෝමීටර් 10ක් මුහුදු පත්ලේ පිහිටි බව, භූ විද්‍යාඥයන් පවසනවා. 

    සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ තායිවානයේ වෙරළබඩ ප්‍රදේශවලට පමණයි.  නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවත්,  මහල් නිවාස ගොඩනැගිලි ‍02ක් මුලුමනින්ම කඩාවැටී ඇති බවත්, වාර්තා වනවා. කෙසේ වුවද තුවාල ලැබූ හෝ මියගිය පුද්ගලයින් පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.  දුම්රිය රැසක් පීලි පැන තිබෙනවා. 

    කඳුකර ප්‍රදේශවල 600කට වැඩි පිරිසක් සිරවී ඇත්තේ, භූ කම්පනයත් සමග පස් කඳු කඩාවැටීමෙන් මාර්ග අවහිරවීම නිසයි. ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි. සහන සේවකයින් ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින කිහිපදෙනෙකු ගලවාගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වනවා.

    Latest News