තායිවානයට අවි අලෙවි කළ ඇමරිකානු සමාගම් ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීමට චීනය සැරසෙයි...

සැප් 17, 2022

    චීන තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කළ ඇමරිකානු සමාගම්වල ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීමට චීන රජය සැරසෙයි.  

    චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maoning මහත්මිය ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා ය.  ඒ අනුව, ඇමරිකාවේ Raytheon සමාගමේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරි Gregory J. Hayes සහ Boeing Defense, Space & Security  සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි වන Ted Colbert යන අයට එරෙහිව සම්බාධක පැනවීමට චීනය පියවර ගන්නා බව ඇය සඳහන් කළා ය. චීනයේ ස්වෛරීභාවය සුරැකීම මෙහි අරමුණයි.  තායිවානය වෙත ඇ.ඩො.බිලියන 1.106ක වටිනාකමින් යුතු අවි අලෙවි කිරීමේ සැලැස්ම, ඇමරිකාව පසුගිය 2 වැනි දා ප්‍රකාශයට පත් කළේ ය.  කෙසේවෙතත් සිය ස්වෛරීභාවය හා ආරක්ෂක ප්‍රතිලාභ සුරැකීම සඳහා ප්‍රබල ප්‍රතිචාර දක්වන බව චීනය ප්‍රකාශ කර තිබේ.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී විශේෂ වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට...

     

     

    Latest News