මෝදිගේ උපන්දිනයට චීටා පැටවුන් අටක්

සැප් 17, 2022

    ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය වෙනුවෙන් චීටා සතුන් අට දෙනෙකු නැමීබියානු රජය විසින් ඉන්දියාවට පිරිනමා තිබේ. 

    මෙම සතුන් අද දින ගුවන් මගින් ඉන්දියාවට පැමිණිමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි මහතාගේ උපන්දිනය යෙදී තිබෙන්නේ අද දිනටයි. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් චීටා සතුන් අට දෙනෙකු නැමීබියානු රජය විසින් පිරිනමා තිබේ. 

    මෙම සතුන් ප්‍රථම මසක පමණ කාලයක් නිරෝධායනයට භාජනය කර ඉන් පසුව මධ්‍ය ඉන්දියාවේ ජාතික වනෝද්‍යයනයට මුදා හැරීමට නියමිතයි. 1952 වසරේදී චීටා සතුන් ඉන්දියාවේ වඳවී ගිය සතුන් කොට්ඨාශයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව වසර 70කට පසු යළිත් ඉන්දියාවේ සැරිසරන සතුන් විශේෂයක් වෙයි. විශාල මාංශ භක්ෂක සතෙකු එක් මහද්වීපයකින් තවත් මහද්වීපයකට ගෙන ගොස් නැවත වනයට හදුන්වා දෙන පළමු අවස්ථාව මෙයයි. 

    මෙම චීටාවුන් නවීකරණ කරන ලද බොයින් 747 මගී ගුවන් යානයකින් නැමීබියාවේ සිට ඉන්දියාට පැමිණිමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    medium 2022 09 16 30a32b2a9b

    වයස අවුරුදු 2ක වයස්වල පසුවන ගැහැණු සතුන් පස් දෙනෙකු හා පිරිමි සතුන් ‍තිදෙනෙකු මේ අතර වෙයි. 

    තවත් චීටාවන් 12 දෙනෙකු ඉන්දියාවට පිරිනමා ඇති අතර ඉදිරි දිනකදී එම සතුන් ඉන්දියාවට රැගෙන ඒමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  

    PTI08 17 2022 000022A

    Last modified on සෙනසුරාදා, 17 සැප්තැම්බර් 2022 11:21

    Latest News