සීමාවකින් තොර චීන - රුසියානු සබඳතාවලට ජනාධිපතිවරු එකඟ වෙයි

සැප් 16, 2022

    චීනය සහ රුසියාව අතර සබඳතා සීමාවකින් තොරව ඉහළ නංවා ගැනීමට දෙරටේ ජනාධිපතිවරුන් එකඟතාවට පැමිණ තිබේ.

    යුක්‍රේන අර්බුදය උද්ගත වීමෙන් පසු පළමු වරට දෙර‍ටේ රාජ්‍ය නායකයින් මුහුණට මුහුණ හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරිණ. 

    චීන සහ රුසියානු ජනාධිපතිවරුන් අතර හමුව සිදු වූයේ, උස්බෙකිස්තානයේ පැවති ෂැංහයි සහයෝගීතා සමුළුවට සමගාමීවයි. 2019 වසරෙන් පසු චීන ජනාධිපතිවරයාගේ පළමු විදෙස් චාරිකාවද, මෙයයි.

    දෙරටේ නායකයින් එහිදී ඉතා මිත්‍රශීලීව සහ සුහදව කටයුතු කළ බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. යුක්‍රේන අර්බුදය උග්‍රවීමත් සමග චීනය සහ රුසියාව අතර සබඳතා අඛණ්ඩව වර්ධනය විය. 

    බටහිර රටවල් රුසියාවට එරෙහිව දිගින් දිගටම සම්බාධක සහ බලපෑම් එල්ල කරන අවස්ථාවේ චීනය රුසියාව සමග වඩාත් හිතවත්ව කටයුතු කරමින් සිටියි. 

    Last modified on සිකුරාදා, 16 සැප්තැම්බර් 2022 10:56

    Latest News