ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිල රැස්වීමට චීන ජනපතිගෙන් වැදගත් දේශනයක්...

සැප් 16, 2022

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා,   ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමට සහභාගි විය.

    එය, උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් නුවර  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී අද (16) පැවැත්විණ.  “යුගයේ ප්‍රවණතාව ග්‍රහණය කර, වඩා යහපත් අනාගතයක් උදෙසා සමගිය සහ සහයෝගිතාව ශක්තිමත් කිරීම”  යන මැයෙන් යුත් දේශනය පවත්වමින් ෂී ජින් පිං මහතා පැවසුවේ,  ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රඥප්තිය අත්සන් තැබීමේ 20 වැනි සංවත්සරය සහ සාමාජික රාජ්‍යයන් අතර දිගුකාලීන සබඳතා, මිත්‍රත්වය සහ සහයෝගිතාව පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ 15 වැනි සංවත්සරය මෙම වසරේ යෙදෙන බවයි.  

    ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් මෙම වැදගත්  ලේඛන ද්විත්වය මාර්ගෝපදේශය ලෙස ගෙන, සාර්ථකව ජාත්‍යන්තර සංවිධානයක සංවර්ධනය සඳහා නිසි මාර්ගයක් විවර කරගැනීමෙහි සමත් වී ඇත. අන්‍යොන්‍ය දේශපාලන  විශ්වාසය තහවුරු කිරීම හා මනා සහයෝගිතා පවත්වා ගැනීම, සමානාත්මතාව, විවෘතභාවය මෙන්ම සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කිරීම මෙමගින් උපයා ගැනුණු අත්දැකීම් අතර වේ. එමගින් විවිධත්වයට ගරු කිරීම, විශ්වාසය හා ප්‍රතිලාභ සමගින් පොදු සංවර්ධනය හඹා යාම යන  "ෂැංහයි ජීවගුණය" සම්පූර්ණයෙන්ම පිළිබිඹු කර ඇති  බව චීන ජනාධිපතිවරයා තම දේශනයෙන් පෙන්වා දුන්නේය.  ෂී ජින් පිං මහතා, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඉදිරි වර්ධනය සඳහා පස් වැදෑරුම්  යෝජනාවලියක් ද ඉදිරිපත් කළේය 

    Latest News