නේටෝවට බැඳීමට යුක්‍රේනය දරන උත්සහය තම රටේ ආරක්ෂාවට තර්ජනයක් ; රුසියාව යළි අවධාරණය කරයි

සැප් 15, 2022

    නේටෝ සන්දානයට බැදීමට යුක්‍රේනය දරන උත්සහය තම රටේ ආරක්ෂාවට තර්ජනයක් බව, රුසියානු බලධාරීන් යළි අවධාරණය කරනවා‍.

    සම්මන්ත්‍රණයක් අමතමින් ක්‍රේම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් සඳහන් කළේ, යුක්‍රේනය නේටෝ සංවිධානයට සම්බන්ධවීමෙන් රුසියාවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇති වන බවයි. මේ අතර ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පවසන්නේ, යුක්‍රේන හමුදාව මෑතකාලීනව ක්‍රියාත්මක කළ සාර්ථක ප්‍රති ප්‍රහාර සහ යුද මෙහෙයුම් ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කර ඇති බවයි. සිය හමුදාව මේ මාසයේ පමණක් රුසියානු හමුදා යටතේ පැවති වර්ග කිලෝ මීටර 8000 ක භූමි ප්‍රමාණයක් නැවත අත්පත් කර ගෙන ඇති බව, යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

    Latest News