ගෝලීය කොරෝනා ආසාදිතයින් කෝටි 40 ඉක්මවයි

පෙබ 09, 2022

    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේද ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට අලුතින් මරණ ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙය අතිශය ඛේදජනක තත්වයක් ලෙසයි එම සංවිධානය හඳුන්වා දී ඇත්තේ.

    මේ අතර ප්‍රංශය, පෘතුගාලය හා ග්‍රීසිය පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට එම රටවලට පිවිසීමට අවසර ලබා දී තිබේ.

    ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 40කට අධිකයි. මෙතෙක් සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පනස් හත් ලක්ෂ අසූ එක් දහස ඉක්මවයි. මේ වන විට වෛරසයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්ව ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයයි.

    ඉකුත් නොවැම්බර් මාසයේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය අවදානම් සහගත ප්‍රභේදයක් ලෙස නම් කිරීමෙන් පසු ගෝලීය වශයෙන් දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 130කට ආසන්න වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකු වන අබ්ඩී මහමුද් ප්‍රකාශ කරයි. 

    Last modified on බදාදා, 09 පෙබරවාරි 2022 12:13

    Latest News