කොලොම්බියාවේ නාය යාමකින් 14 ක් මරුට... Reuters

කොලොම්බියාවේ නාය යාමකින් 14 ක් මරුට...

පෙබ 09, 2022

    කොලොම්බියාවේ සිදුවූ නාය යාමකින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් 35 කට අධික පිරිසක් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. කොලොම්බියාවට ඇදහැලෙන අධික වර්ෂාපතනය නායයාමට හේතුවයි. රිසරල්ඩා පළාතේ කන්දක් නාය යාමෙන් නිවාස රැසක් මුළුමණින්ම විනාශ වුණා. අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.  

    බොහෝ පිරිස් පස්වලට යටවී සිටින බවට සහන කණ්ඩායම් සැක පළ කරන බවයි, වාර්තා වන්නේ. ඒ හේතුවෙන්, මියගිය පිරිස තවදුරටත් ඉහළ යාහැකියි. ප්‍රදේශයේ බොහෝදෙනා දරිද්‍රතාවයෙන් පෙළෙන බැවින්, නිවාස ක්‍රමවත්ව සකස් කර නොතිබූ බව, විදෙස් වර්තාවල සඳහන්.

    Latest News