සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින් කෝටි 20 ඉක්මවයි

අගෝ 05, 2021

    සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා ගොස් තිබේ.

    ඊයේ දිනයේ දී පමණක් 683,000ට වැඩි ආසාදිතයන් පිරිසක් ගෝලීය වශයෙන් වාර්තා වී ඇත. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් නැවතත් ආසාදිතයින් වාර්තාවීම ගෝලීය වශයෙන් ඉහළ ගොස් තිබේ. වසංගත තත්වය යම් ආකාරයකින් අඩුවක් දක්නට ලැබුණු ඇමරිකාව තුළද නැවත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ සංඛ්‍යාවක් දෛනිකව වාර්තාවේ.

    ගතවූ පැය 24 තුළ 112,000 වූ ආසාදිතයින් වාර්තා වූ ඇමරිකාවෙන් මරණ 656 ඊයේ දිනයේදී පමණක් වාර්තා වී තිබේ. දැනට කොරෝනා වසංගතය පැතිර යන රටවල සමස්ත කොරෝනා මරණ 4,269,000 ඉක්මවා ඇති අතර ගෝලීය වශයෙන් වැඩිම මරණ සිදු වූ රට බවට පත්ව ඇත්තේ ඇමරිකාවයි. අමෙරිකාව තුළ සමස්ත මරණ 631,000 ඉක්මවා ඇතැයි වාර්තාවේ.

    Latest News