ගෝලීය කොරෝනා තත්වය

පෙබ 24, 2021

    අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එකළොස්කෝටි විසි හය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව විසි හතර ලක්ෂ 96,000කට අධිකයි. ලොව තෙවනුවට වැඩිම කොරෝනා මරණ සිදුව ඇති මෙක්සිකෝවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 81,000 ඉක්මවා ගියේය.

    මෙක්සිකෝවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විසි ලක්ෂ පනස් දෙදහස ඉක්මවා ගිහින්. ඉකුත් පැය 24 තුළ එරට අලුතින් කොරෝනා ආසාදිතයන් දෙදහස් දෙසීය පනස් දෙදෙනෙක් හඳුනා ගැනිණ.

    එම කාලසීමාවේ දී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 749ක්. ඉකුත් පැය 24 දී අමෙරිකාවේ අලුතින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71,054ක්.

    එම කාලසීමාව තුළ එරට කොරෝනා මරණ 2,404ක් සිදුව තිබේ.

    අමෙරිකාවට පසු ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ආසාදිතයන් 63,090 දෙනෙක් හඳුනාගෙන ඇත්තේ බ්‍රසීලයෙන්.

    Last modified on බදාදා, 24 පෙබරවාරි 2021 11:24

    Latest News