ප්‍රංශ ජනපති රුසියා-යුක්‍රේන ගැටුම වැළැක්වීමේ වෑයමක....

පෙබ 08, 2022

    යුක්‍රේනය සහ රුසියාව අතර යුද ගැටුමක් වැළැක්වීම සඳහා යුක්‍රේන ජනාධිපතිවරයා හමුවී සාකච්ජා කිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් යුක්‍රේන අගනුවරට පැමිණ තිබෙනවා.

    යුක්‍රේන සහ රුසියානු දේශසීමා අර්බුදය පිළිබඳ ගැඹුරින් සාකච්ජා කිරීමට දෙරටේ නායකයින් සූදානම් බවයි, වාර්තා වන්නේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ඊයේ පැවති හමුව ගැන අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේ රුසියානු ආරක්‍ෂාව පිළිබඳව ස්ථිර ආරක්‍ෂක යෝජනාවලියක් ඉදිරිපත් කළ බවයි. යුක්‍රේන අර්බුදය දුරදිග නොගොස් රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගැනීමට රුසියානු ජනාධිපතිවරයාට අවබෝධ කරදීමට හැකි වූ බව ප්‍රංශ ජනාධිපතිවරයා මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 08 පෙබරවාරි 2022 19:48

    Latest News