ගෝලීය කොරෝනා මරණ ලක්ෂ 21 ඉක්මවයි

ජන 22, 2021

    කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව අද වන විට ලක්ෂ 21 ඉක්මවා ගොස් තිබේ.

    ලොව වැඩිම ආසාදිතයන් මෙන්ම කොරෝනා වැඩිම මරණ ද වාර්තා වී ඇත්තේ, අමෙරිකාවෙන්. අමෙරිකාවේ ඉකුත් පැය 24 තුළ පමණක් කොරෝනා ආසාදිත 4,363 දෙනෙක් මියගොස් තිබේ. ඉකුත් බදාදා එරටින් 4,000කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

    අද වන විට අමෙරිකාවේ කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 20,000 ඉක්මවා ඇති බව ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාල වාර්තා පෙන්වා දෙයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් උග්‍ර වසංගත තත්වයට මුහුණ දීම සඳහා නව විධායක නියෝග රැසකට අත්සන් තැබීය.

    එන්නත්කරණ වැඩසටහන් වේගවත් කිරීම, ආසාදිතයන් සොයා පරීක්ෂණ වැඩි කිරීම, මුහුණු ආවරණ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදන ඉහළ නැංවීම ඊට අයත් ක්‍රියාමාර්ග අතර කිහිපයක්.

    Last modified on සිකුරාදා, 22 ජනවාරි 2021 13:10

    Latest News