බහු ජාතික සමාගම්වලට 15%ක බද්දක්

ඔක් 09, 2021

    බහු ජාතික සමාගම්වලට 15%ක බද්දක් පැනවීමට ලෝක නායකයින් එකඟතාව පළ කර තිබේ.

    ඊට රටවල් 136ක් එකඟතාව පළ කර ඇති බව ද සඳහන්. බහු ජාතික සමාගම් විසින් ලබාගත් හා ලාභයෙන් සාධාරණ කොටසක් අදාළ රටවලට හිමිවිය යුතු බවයි, ලෝක නායකයින් පවසන්නේ. ඒ අනූව ගූගල්,ෆේස්බුක්,ඇපල් වැනි සමාගම් මගින් 15%ක බද්දක් ලබා ගැනීමට යෝජිතයි.

    කෙසේ වුවද, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයින් පවසන්නේ 15%ක බදු අනුපාතය ඉතා අඩු අගයක් බවයි.

    කෙසේ වෙතත්, කොරෝනා වසංගතය නිසා අධික ලාභයක ඉපැයූ සමාගම්හි ලාභයෙන් කොටසක් යොදා ගෙන අඩපණ වූ ආර්ථිකයන් ගොඩනගා ගැනීම යෝග්‍ය බවයි,විදෙස් මාධ්‍ය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 09 ඔක්තෝබර් 2021 14:58

    Latest News