තවත් ගෝලීය කොවිඩ් මරණ 7,000ක්

ඔක් 09, 2021

    ඊයේ දිනයේ දී පමණක් ගෝලීය වශයෙන් 7,000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් කොරෝනා වසංගතය හේතුවෙන් මියගොස් තිබේ.

    රුසියාව හා අමෙරිකාව තුළ ඒ අතරින් වැඩිම දෛනික කොරෝනා මරණ වාර්තා විය. ගෝලීය වශයෙන් තවමත් හාර ලක්ෂයකට වැඩි දෛනික කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන බව පෝන් - හොප්කින්ස් විශ්වවිද්‍යාල වාර්තා පෙන්වා දෙයි.

    මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති අමෙරිකාව තුළ ද ඊයේ දිනයේ දී ලක්ෂයකට වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

    අද වන විට කොරෝනා වසංගතයෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව හත් ලක්ෂ 32,000 ඉක්මවා ඇති අමෙරිකාවේ ඊයේ දිනයේ ද 1937 දෙනෙකු මියගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 09 ඔක්තෝබර් 2021 14:57

    Latest News