වැටුප් වැඩි කළොත් වැට් බද්දට වෙන්න යන දේ

ජූලි 08, 2024
    වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

    නමුත් මෙම ඉල්ලීම ඉටු කිරීමට රජය සූදානම් නොවන බව ජනාධිපති මාධ්‍යය අංශය පවසනවා.

    Latest News