ටාටා සමාගම 'එයාර් ඉන්දියා' මිලදී ගනී

ඔක් 09, 2021

    ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන එයාර් ඉන්දියා සමාගම, එරට ඇති විශාලතම ව්‍යාපාරික ආයතනය වන ටාටා සමාගම මගින් මිලදී ගෙන තිබේ.

    අමෙරිකානු ඩොලර් බිලියන 2.4කට එයාර් ඉන්දියා සමාගම විකුණා ඇති බවයි, වාර්තා වන්නේ.

    ගුවන් සමාගම සතුව යානා 130ක් ක්‍රියාත්මකයි. නමුත්, කොරෝනා වසංගතයත් සමග එම සමාගම ඩොලර් බිලියන 9.5ක පාඩුවක් ලබා තිබේ. මෙම පාඩුව පියවා ගැනීමේ බලාපොරොත්තුවෙන්, සමාගමේ කොටස් විකිණීමට රජය අවස්ථා කිහිපයක දී උත්සහ දරා තිබිණ.

    එම උත්සහයන් අසාර්ථක වුවද, ටාටා සමාගම වෙත විකිණීමට අවසානයේ තීරණය කෙරිණ.

    1932 දී එයාර් ඉන්දියා සමාගම ටාටා සමූහය විසින්ම ආරම්භ කර තිබූ අතර එය 1953දී එයාර් ඉන්දියා සමාගම ටාටා සමූහය විසින්ම ආරම්භ කර තිබූ අතර එය 1953 දී රජය යටතට පවරා ගැනිණ.

    පාඩු ලැබූ සමාගම යළි මිලදී ගැනීමට තරම් ශක්තියක් හිමි ටාටා සමාගම, ඔවුන්ගේ තවත් ඉදිරි පියවරක් ලෙස එයාර් - ඉන්දියා සමාගම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 09 ඔක්තෝබර් 2021 14:58

    Latest News