ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් කෝටි 3 ඉක්මවයි

සැප් 28, 2021

    ඉන්දියාව තුළ වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,693,000 ඉක්මවා ගොස් තිබේ.

    ඊයේ එරටින් නව ආසාදිතයින් 14,905 දෙනෙකු වාර්තා විය. සමස්ත කොරෝනා මරණ 447,000 ඉක්මවා ඇති ඉන්දියාවේ ඊයේ තවත් මරණ 181ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

    සෞඛ්‍ය අංශ මගින් මේ වන විට දියත් කර ඇති කොරෝනා එන්නත් වැඩසටහන මගින් ඉන්දීය ජනතාවගෙන් 16.4%ක පිරිසක් සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට හැකිවී තිබේ. එරට එක් මාත්‍රාවක් පමණක් ලබාගත් ජන පිරිස 42.6%ක් බවයි සෞඛ්‍ය අංශ වාර්තා පවසන්නේ.

    වෛරස පාලනය සඳහා දැනට ඇති ප්‍රධානතම විසඳුම වන කොරෝනා මර්දන එන්නත සියලු ජනතාව සඳහා ලබාදීමට හැකි අයුරින් කටයුතු කරන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    Latest News