ශරීරයේ ප්‍රතිදේහ නිර්මාණය නිසා කොවිඩ් වසංගතයේ අඩුවක්

සැප් 28, 2021

    අමෙරිකාව තුළ කොරෝනා වසංගත තත්වය අඩුවීම උදෙසා බලපා ඇති සාධක පිළිබඳ පෙන්සිල්වෙනියා ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

    මේ වන විට බොහෝ පිරිසක් එන්නත් ලබාගැනීම හා ස්වභාවික වෛරසයට නිරාවරණය වීමෙන් ශරීරය තුළ ප්‍රතිදේහ නිර්මාණය වීම වෛරසය පාලනයට හේතුවී ඇති බවයි, පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

    නව පර්යේෂණ වාර්තා සඳහා අමෙරිකාවේ කොවිඩ් දත්ත පමණක් පදනම් කරගත් බව පර්යේෂකයන් කියා සිටියේ. එම දත්ත මගින් දැනට පවතින වසංගත තත්වය ලබන වසරේ මාර්තු මාසය වන විට වසංගතය ආරම්භ වූ අවධියේ පැවති මට්ටමට අමෙරිකාව ළගාවනු ඇති බව පර්යේෂකයින්ගේ අදහස වී තිබේ.

    එරට වසංගතය ආරම්භයේ දී දෛනික ආසාදිතයන් පිරිස 9,000ට පහළ අගයක් ගත් අතර දෛනික මරණ සංඛ්‍යාව ද 100ට අඩු අගයක් ගෙන තිබේ.

    ඒ අනූව වසංගතයේ දරුණුතම අවධිය ලබන වසර වන විට පහව යනු ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි. සීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ඇතිවීමේ ප්‍රවණතාව ද මේ සමග අඩුවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    අමෙරිකාව තුළ මේ වන විට 4 කෝටි 39 ලක්ෂ 42,000කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනයට ලක්ව තිබේ. ඔවුන් අතරින් 3 කෝටි 33 ලක්ෂ 94,000කට වැඩි පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

    Last modified on අඟහරුවාදා, 28 සැප්තැම්බර් 2021 12:30

    Latest News