දිනක දී වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් ගණන ඉන්දියාවෙන්

මැයි 06, 2021

    ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත නව ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දසලක්ෂ හැත්තෑ දහස (21,070,000) ඉක්මවා තිබෙනවා.

    අද පෙරවරු 6.00 අවසන් වූ පැය 24 තුළ දී එරටින් නව ආසාදිතයින් හාරලක්ෂ දොළොස්දහසක් (412000) වාර්තා වුණා. ප්‍රබල ලෙස පැතිර යන නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිදුවන කොරෝනා මරණ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගතවූ පැය 24 තුළ නව මරණ 3882ක් සිදුව තිබෙනවා. ඒ සමග ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ තිස් දහස (230,000) ඉක්මවා ඇති අතර 9000කට ආසන්න පිරිසක් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වනවා.

    ආදාහනාගාර ගැටලුවල සහ සෞඛ්‍ය පහසුකම් හිඟ වීම මේ වන විට ඉන්දියාව මුහුණ දෙන බරපතල ගැටලුවයි. නව දිල්ලි අගනුවර රෝහල් සඳහා අවශ්‍ය ඔක්සිජන් තවම ලැබී නැති බව රෝහල් බලධාරීන් පවසනවා. වසංගතය සඳහා දේශපාලනික අවධානය නොලැබීම සහ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ නොසළකා හැරීම සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ වගකිවයුත්තන්ට චෝදනා කරනවා.

    Latest News