Google සහ Microsoft ප්‍රධානීන් ඉන්දියාවේ සහයට

අප්‍රේ 26, 2021

    Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි සහ Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩේලා ඉන්දියාවේ කොවිඩ් 19 සටනට ආධාර කිරීමට එක්ව සිටියි.

    ඒ අනුව Google සමාගම ඉන්දියානු රුපියල් කෝටි 135ක මුදලක් ප්‍රදානය කිරීමට සූදානම් වන අතර ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් තවත් කෝටි 5ක මුදල ප්‍රදානය කිරීමට නියමියත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මේ බව ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.

    මේ අතර Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩේලා සඳහන් කරන්නේ ඉන්දිවේ තත්වය පිළිබඳ තමා ඉතා කණගාටුවට පත් වූ බවයි. එසේම ඒ සඳහා තාක්ෂණික මට්ටමින් ඇතුළු සියලු ආකාරයේ සහයන් ලබා දීමට තම සමාගම සූදනම් බව සඳහන් කරයි.

    Last modified on සදුදා, 26 අප්‍රේල් 2021 15:31

    Latest News