වෛරස ව්‍යාප්තිය ආර්ථික වර්ධනය මන්දගාමී වීමට ප්‍රධාන හේතුවයි; ලෝක බැංකුව

සැප් 28, 2021

    කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය, නැගෙනහිර ආසියානු හා පැසිෆික් කලාපයේ රටවල ආර්ථික වර්ධනය මන්දගාමී වීමට ප්‍රධාන හේතුව බව ලෝක බැංකුව පවසනවා.

    එම කලාපයේ බොහෝ රටවල ආර්ථික ක්‍රියාකාරකම් මේ වසරේ දෙවැනි කාර්තුවේ සිට මන්දගාමී වෙමින් පවතින බවට වැඩිදුරටත් ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.  එම රටවල දරිද්‍රතාව හා සමාජ අසමානතාව වර්ධනවය වී ඇතැයි ද පැවසෙනවා. ආර්ථික සංවර්ධනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මේ හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇත.

    ලබන වසරේ මුල් භාගය වන විට ඉන්දුනීසියාව හා පිලිපීනය ඇතුළු කලාපීය රටවල ජනගහනයෙන් 60% කට වැඩි පිරිසක් කොරෝනා එන්නත ලබාදිය හැකි බව, ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්ථාවේ සඳහන්ව තිබේ. එමගින් පූර්ණ වශයෙන් කොරෝනා වසංගතය දුරලිය නොහැකි වුවද, ආර්ථිකය නැංවීමට එය ප්‍රබල සාධකයක් වන බවයි ලෝක බැංකුව වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

    Latest News