අමෙරිකාව කොරෝනා පාලනය දී වැරදි දිශාවක් ඔස්සේ - වෛද්‍ය ෆවුචි

ජූලි 26, 2021

    අමෙරිකාව කොරෝනා වෛරස පාලනය දී වැරදි දිශාවක් ඔස්සේ ගමන් කරන බව එරට වෛරස පාලන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසනවා.

    ඔහු සඳහන් කරන්නේ එන්නත්කරණය මන්දගාමී ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවයි. ලොව වැඩිම කොරොනා රෝගීන් වාර්තාවන අමෙරිකාවේ රෝගීන් හමුවීම යළි ඉහළ යමින් පවතිනවා. ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් ඉන් ප්‍රධාන තැනක් ගන්නා බවයි වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ. ඇමරිකාවේ කෙරෝනා ආසාදිත සංඛ්‍යාව තුන් කෝටි පනස් දෙලක්ෂයකට ආසන්න වී තිබෙනවා. මරණ සංඛ්‍යාව හය ලක්ෂ 26,000ට අධිකයි. නමුත් වාර්තා වන මරණ සංඛ්‍යාව අඩුවක් ද පෙන්නුම් කරනවා. එන්නත් කරන ක්‍රියාවලිය ඊට හේතුව බවයි විශේෂඥයන් පවසන්නේ. අමෙරිකාවේ ජනගහනයෙන් සියයට පනහකට ආසන්න පිරිසකට කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා.

    Latest News