චීන ජනාධිපති ෂී ජිංපිං ටිබෙට් දේශයේ සංචාරයක

ජූලි 26, 2021

    චීන ජනාධිපති ෂී ජිංපිං පසුගියදා ටිබෙට් දේශයේ සංචාරයක නිරත වුණා.

    චීන කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කරන ලෙස ඔහු ටිබෙට් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. චීන ජනාධිපතිවරයෙක් ටිබෙට් රාජ්‍යයේ සංචාරය කරනු ලැබුවේ දශක තුනකට පසුවයි. ජනාධිපතිවරයා දින දෙකක් ටිබෙට් රාජ්‍ය සංචාරය කර ඇති අතර එහිදී ආර්ථික සහ සාමාජීය ගැටලු රැසක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ටිබෙට් රාජ්‍යයේ අරක්ෂක තත්වය පිලිබඳ එහිදී ජනාධිපතිවරයා ගේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා. ඉන්දියාව සමග ඇති ගැටුම් සහ ඇෆ්ගනිස්ථානය අතර තලෙයිබාන් කැරලිකරුවන්ගේ තර්ජන ඉහළ යාම ඊට හේතුවයි. ෂී ජිංපිං මහතා 2011 වසරේ දී ටිබෙට් දේශයේ විදේශීය සංචාරයක නිරත වූයේ උප ජනාධිපතිවරයා වශයෙන්.

    Latest News