අමෙරිකාවේ දෛනික ආසාදිතයින් ලක්ෂයක්

නොවැ 09, 2020

    කොරෝනා වෛරසය එහි අමිහිරිම සංධිස්ථානය වෙත ළාගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වෙත ළගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අමෙරිකාවේ නොකඩවා දින 4ක් ඇතුළත දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂය බැගින් වාර්තා විය.

    මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ ආර්ථික බිඳ වැටීම තුන්වන ලෝක යුද්ධයක් ඇති වීමේ අවධානමක් මතුකර ඇති බව බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල්,ශ්‍රීමත් නික් කාටර් පවසයි. මේ වන විට  බ්‍රිතාන්‍යයේ ද සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව එක‍ොළාස් ලක්ෂ අනූ දෙදහස ඉක්මවා ගොස් ඇත්තේ ඉකුත් පැය 24 තුළ හදුනාගැනුණු ආසාදිතයන් විසි දහස් පන්සීය හැත්තෑ දෙකත් සමගයි.

    මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්ති සමයේ ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් මහ රැජිණ මුව ආවරණයකින් සැරසී නිසි සෞඛ්‍ය පුරුදුවලට ගරුකරමින් කටයුතු කරන අයුරු විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්විය.  

    කොරෝනා දෙවැනි රැල්ලෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රංශයේ ඉකුත් පැය 24 තුළ අලුතන් හඳුනාගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව තිස් අට දහසකට අධිකයි.  අසල්වැසි ඉන්දියාවේ ද සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අසූපන් ලක්ෂය ඉක්මවා ගියේ, ඉකුත් පැය 24 තුළ හඳුනාගැනුණු කොරොනා ආසාදිතයන්  හතළිස් හය දහස් හයසීය හැට එක්දෙනා සමගයිය. 

    Last modified on සදුදා, 09 නොවැම්බර් 2020 10:52

    Latest News