ටියුනීසියාවේ ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුව විසිරුවා හරියි

ජූලි 26, 2021

    ටියුනීසියාවේ ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා.

    අමාත්‍යවරයාද ධුරයෙන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ටියුනීසියා ජනාධිපති කායිස් සයීද් සඳහන් කරන්නේ ඉදිරියේ දී නව අග්‍රාමාත්‍යවරයෙකු සමග රටේ කටයුතු ඉදිරියට ගෙන යන බවයි. රට සාමකාමී කිරීම තමාගේ මූලික අරමුණ බවයි ජනාධිපතිවරයා පවසන්නේ. 2019 වසරේ එරට පැවැති මහ මැතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා බලයට පත් විය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ගේ මේ තීරණය කුමන්ත්‍රණයක් බවට ඇතැමුන් චෝදනා කරනවා. ටියුනීසියා රජයට එරෙහිව පසුගිය සති කිහිපය තුල විශාලවශයෙන් විරෝධතා ක්‍රියාත්මක වුණා. ජනාධිපතිවරයාගේ මේ තීරණයෙන් පසුව ජනතාව වීදි බැස සතුට ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

    Latest News