අමෙරිකාවේ දරුවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වනවා.

අමෙරිකාව කොරෝනා වෛරස පාලනය දී වැරදි දිශාවක් ඔස්සේ ගමන් කරන බව එරට වෛරස පාලන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසනවා.

කොරෝනා වෛරසය එහි අමිහිරිම සංධිස්ථානය වෙත ළාගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වෙත ළගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අමෙරිකාවේ නොකඩවා දින 4ක් ඇතුළත දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂය බැගින් වාර්තා විය.

කොවිඩ්19 වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ හා රෝගීන් මෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව අතුරින් මුල් ස්ථානයට අමෙරිකාව පත්ව තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුළ අමෙරිකාවේ 1,003ක් මියගොස් තිබේ.

ලබන මස පළමුවැනිදා වනවිට අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවන බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්‍ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් අනතුරු අඟවයි.

Latest News