අභ්‍යාවකාශ සංචාරවල පළමු ගමන ජූලි 20

මැයි 06, 2021

    ජූලි 20 වෙනිදා තම සමාගමේ අභ්‍යාවකාශ යානය පළමු සංචාරය සිදු කිරීමට නියමිත බව ඇමරිකානු "බ්ලූ ඔරිජින්" (Blue Origin) සමාගම පවසනවා.

    මෙම ප්‍රථම ගමනට කාර්යමණ්ඩලයට අමතරව එක් සිවිල් පුද්ගලයකු සඳහා ඉඩකඩ ලබාදීමට සමාගම තීරණය කර තිබෙනවා. මෙම යානයෙන් සිදුකෙරෙන්නේ අභ්‍යවකාශ සංචාර සඳහා ඇති අවකාශ පුළුල් කිරීමයි.

    "බ්ලූ ඔරිජින්" සමාගමේ හිමිකරුගේ ජෙෆ් බෙසොස් කියා සිටියේ මීට වසර දෙකකට පෙර සිට අභ්‍යවකාශ සංචාර සඳහා යානාවක් අත්හදා බලමින් සිටි බවයි. එහි අරමුණ සිවිල් වැසියන්ට අභ්‍යාවකාශ අත්දැකීම ලබා දීමයි. මෙම නිරීක්ෂණ චාරිකාව සාර්ථක කර ගැනීම ඔහුගේ අභිප්‍රාය යි. සාර්ථක හා ආරක්ෂාකාරී යානාවක් නිර්මාණය කිරීම මෙතෙක් ගැටලුවක්ව තිබුණා. එය විසඳා ගැනීමෙන් අනතුරුව යානාව ජූලි විසි වැනිදා අභ්‍යාවකාශගත කිරීමට සමාගම බලාපොරොත්තු වෙනවා. සිවිල් පුද්ගලයා සඳහා ලබාදීමට නියමිත අසුන වෙනුවෙන් මිලක් නියම කිරීමට සමාගම ක්‍රියා කළ අතර එහි ලංසු තැබීම ඊයේ විවෘත කෙරුණා

    .

    Latest News