අමෙරිකාව කොරෝනා එන්නත්වල බුද්ධිමය දේපල අයිතිය ලිහිල් කිරීමට කැමැත්ත පළ කරයි

මැයි 06, 2021

    අමෙරිකාව කොරෝනා වයිරසය සඳහා ලබාදෙන එන්නත් නිෂ්පාදනය සහ සම්බන්ධ බුද්ධිමය දේපල අයිතිය ලිහිල් කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

    අමෙරිකාව ගත් තීරණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විධායක අධ්‍යක්ෂවරයා තම ප්‍රශංසාව පළ කළා. එන්නත් නිෂ්පාදනය වේගවත් කිරීමට හා කලාපීය වශයෙන් බෙදා හැරීම වේගවත් කිරීමට මෙම තීරණය ඉවහල් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අදහසයි. අමෙරිකාවේ වෙළඳ නියෝජිත කැතරින් ටායි ලෝක වෙළඳ සංවිධානය සමඟ මෙම ගැටලුව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමෙරිකානු ධවල මන්දිරයේ සහාය ඇතිව සුළු වෙළඳ අධිකාරියක් මත පමණක් රැඳී පවතින එන්නත්වල බුද්ධිමය දේපල හැකිතාක් ක්‍රමානුකූල බෙදා හැරීමට තීරණය කර තිබෙනවා. එමගින් ගෝලීය වශයෙන් කොරෝනා තර්ජන මැඩ පැවැත්වීමට අවශ්‍ය එන්නත් කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කර ගත හැකි වන බව ධවල මන්දිරයේ අදහසයි.

    Latest News