මිල ඉහළ යන ඉන්දියාවේ ඔක්සිජන්

අප්‍රේ 26, 2021

    ඉන්දියාවේ දිල්ලි අගනගරය ඇතුළු ඇතැම් නගරයන්හි රෝහල්වල නේවාසික රෝගී ධාරිතාව උපරිම මට්ටමට වඩා පිරීගොස් ඇතැයි,වාර්තා වෙයි. මේ හේතුවෙන් කොරෝනා රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත.

    ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ 50,000 ඉක්මවීය. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව, එක් කෝටි 73 ලක්ෂයක්.

    සෞඛ්‍ය පහසුකම් අවම වීම සහ ඇදන් නොමැති වීම හේතුවෙන්, රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටියි. මේ හේතුවෙන් කොරෝනා රෝගීන් පමණක් නොව, අනෙකුත් රෝග වැලදුණු පුද්ගලයන්ට ද නිවසේ සිට ප්‍රතිකාර ගැනීමට සිදුව තිබේ.

    ඔක්සිජන් ඇතුළු ඖෂධ වර්ග වැඩි මිලට විකිණීම හේතුවෙන් රෝගීන් තවදුරටත් දුෂ්කරතාවට ලක්ව සිටියි. ඔක්සිජන් සැපයීමට රජය පියවර රැසක් ගෙන තිබුණද, වෙළෙඳපොළ තත්වයන් සලකා ඇතැම් වෙළෙඳුන් ඔක්සිජන් සිලින්ඩරයක මිල වංචනික ලෙස ඉහළ දමා තිබේ.

    ඔක්සිජන් සිලින්ඩරයක විකුණුම් මිල ඉන්දියානු රුපියල් 6,000ක්. එහෙත්, මේ වන විට එහි මිල ඉන්දීය රුපියල් 50,000 දක්වා වැඩි වී තිබේ.

    ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 2,806ක්. සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 95,000ක්. ආසාදිත ඥාතීන් හා දරුවන් සුව කර ගැනීමට, වැඩි මිලකට වුවද ඖෂධ හා අත්‍යවශ්‍ය පහසුකම් මිලදී ගැනීමට මේ වන විට ඉන්දියානුවන් පෙළඹී තිබේ.

    Last modified on සදුදා, 26 අප්‍රේල් 2021 12:34

    Latest News