මෙවර ඔස්කා හොඳම අධ්‍යක්ෂණය, ආසියානු සම්භවයක් සහිත කාන්තාවක්ට

අප්‍රේ 26, 2021

    මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ආසියානු සම්භවයක් සහිත කාන්තාවක් සමත්වී තිබෙනවා.

    ඒ ආසියානු සම්භවයක් සහිත කාන්තාවක් ලද ප්‍රථම සම්මානය ලෙසිනි. එහි දී චීන ජාතික ක්ලෝයි ෂාඕ ගේ නොමෑඩ්ලන්ඩ් චිත්‍රපටයට හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණා.

    මෙය ඇයගේ තෙවැනි චිත්‍රපටියයි. අධ්‍යක්ෂවරිය බ්‍රිතානයේ අධ්‍යාපනය ලබා ඇමරිකාවේ ජීවත්වනවා. කාන්තාවක් තම ජීවිතයේ හිමි අහිමිවීම් නොතකා , එය ජය ගැනීමට දරන ප්‍රයත්නය මෙම චිත්‍රපටයේ තේමාවයි. එහි නළු නිළියන් ප්‍රවීනයන් නොවුණ ද එය සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි අධ්‍යක්ෂවරිය කියා සිටියේ.

    Latest News