යුරෝපානු රටවල ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම යළි අරඹයි

මාර් 19, 2021

    යුරෝපානු රටවල ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

    ඒ, යුරෝපා ඖෂධ නියාමන ඒජන්සිය ඇස්ට්‍රාසෙනෙකා එන්ත ආරක්ෂිත හා ඵලදායී එකක් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

    යුරෝපානු රටවල එන්නත්කරණය ආරම්භ කිරීමෙන් පසු එන්නත හේතුවෙන් රුධිරය කැටිගැසීමේ තත්වයක් වාර්තා වන බවට වෛද්‍ය මත පළ කර තිබුණා. ඒ අනුව, යුරෝපානු රටවල් 13ක් එන්නත්කරණ වැඩපිළිවෙළ තාවකාලිකව නවතා දැමීමට ක්‍රියා කළා. එහෙත් මේ සම්බන්ධව කළ පරීක්ෂණවලදී ලේ කැටිගැසීමට එන්නත ඍජු බලපෑමක් නොකරන බව විද්‍යාඥයින් සොයා ගෙන තිබේ. නව වාර්තාවත් සමග ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය හා ස්පාඤ්ඤය එන්ත්කරණය යළි ආරම්භ කර ඇති අතර, යුරෝපානු සෙසු රටවල් ද ඉදිරියේ දී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට සූදානම් බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News