ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපනයනය නවතයි

මාර් 25, 2021

    ඉන්දියාව,ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව නතර කර තිබේ. රට තුළ උග්‍රවෙමින් පවතින කොරෝනා වසංගතය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් තොග සපුරාගැනීම එම තීරණය ගැනීමේ අරමුණයි.

    වැඩිවන ආසාදිතයන් නිසා එන්නත් සඳහා ඇති දේශීය ඉල්ලුම ඉහළ යනු ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

    එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමෙන්,රට තුළ එන්නත්කරණයට අවශ්‍ය සංචිත ලබන අප්‍රේල් මස අවසානය වන විට සම්පූර්ණ වනු ඇතැයි,බලධාරීන්ගේ අපේක්ෂාවයි.

    ඉන් අනතුරුව,නැවතත් එන්නත් අපනයනය ආරම්භ කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වෙයි.

    කෙසේ වුවද ඉන්දියාව ගත් මේ තීරණයෙන්,ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන කොවැක්ස් එන්නත් වැඩපිළිවෙළට බාධා මතුව ඇති බවයි,වාර්තා වන්නේ.

    කොවැක්ස් එන්නත් වැඩපිළිවෙළ මගින් රටවල් 190කට නොමිලයේ ලබාදීමට නියමිත එන්නත් මාත්‍රා ද මේ සමග තාවකාලිකව නවතා දැමීමට සිදුවෙයි. ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ කොරොනා නව ආසාදිතයන් 53,419 දෙනෙක් හඳුනාගනු ලැබීය. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ,රට තුළ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද වේගයෙන් පැතිර යමින් පවතින බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 මාර්තු 2021 11:30

    Latest News