තවත් 6,203කට කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව

අගෝ 21, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා එක්කෝටි හැත්තෑපන් ලක්ෂ අසූ හත් දහස් හයසිය අසූ අටක් මෙරට ජනතාවට ලබාදී තිබේ. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස හයදහස් දෙසීය තුනක්.

    එහි දෙවැනි මාත්‍රාව තුන්සිය එකොළොස් දෙනෙකු ලබාගෙන තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් දහස් තුන්සිය පනස් හය දෙනෙකු ඊයේ ලබාගෙන ඇති අතර එහි දෙවැනි මාත්‍රාව හැත්තෑ දෙදහස් නවසිය අසූ පහක් දෙනෙක් ලබාගෙන තිබේ.

    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස පනස් හතක්. එහි දෙවැනි මාත්‍රාව පනස් නව දහස් දෙසීය පනස් හය දෙනෙක් ලබාගෙන තිබේ.

    මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව එකසිය විසි දෙනෙකුට හා දෙවැනි මාත්‍රාව හැට නව දහස් දෙසීය දහ දෙනෙකුට ඊයේ ලබාදුන්නේය.

    ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 14,49562ක්. එන්නත් මාත්‍රා 2,21546ක් ඊයේ ලබාදී තිබේ.

    Latest News