ඇස්ට්‍රාසෙනෙකා එන්නත බොදාහැරීම ගැන අර්බුදයක්

මාර් 23, 2021

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා බ්‍රිතාන්‍ය අතර අර්බුදයක් හටගෙන තිබේ.

    ඒ මෙම එන්නත යුරෝපා සංගමයේ රටවල්වලට නිසි පරිදි බෙදාහැරීම් සිදු නොවන බවට එල්ල වන චෝදනා හේතුවෙන්.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත යුරෝපා සංගමයේ රටවල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුමට අනූව කටයුතු නොකරන බව,යුරෝපා සංගමය චෝදනා කරයි.

    යුරෝපා රටවලට බෙදාහැරීමට එකඟවූ තරම් මාත්‍රා ප්‍රමාණයක් නිසි කාලසීමාවන් තුළ දී ලබා නොදෙන බව එල්ලවන තවත් චෝදනාවක්.

    ඇතැම් විදෙස් විශලේෂකයින් පෙන්වා දෙන්නේ මෙය බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හේතුවෙන් ඇති වූ අර්බුදයක ප්‍රතිඵලයක් ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 23 මාර්තු 2021 09:55

    Latest News