ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 07ක් අද දිවයිනට (වීඩියෝ)

ජූලි 31, 2021
  • ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අද (31) පස්වරුවේ ජපානයේ සිට මෙරටට ලැබීමට නියමිතයි. ඒ හා සමාන තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබන සෙනසුරාදා මෙරටට හිමිවනු ඇති.

    එන්නත් තොගය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 455 දරණ ගුවන් යානයෙන් අද මෙරටට ලැබීමට නියමිත අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ ඉල්ලීමකට අනූව මෙම එන්නත් මෙරටට හිමිව තිබේ.  එන්නත් තොගය ගුවන්යානය වෙත පැටවීමේ අවස්ථාව නිරීක්ෂණය සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා එක්ව සිටියේය. 

    යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අද ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට කටයුතු කරන බවයි.

    ඉතිරි එන්නත් මාත්‍රා ප්‍රමාණය කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවය ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 15:09

    Latest News