අමෙරිකාව යළි සඳ තරණය කිරීමේ සූදානමක

මාර් 19, 2021

    අමෙරිකාව 2024 දී යළි සඳ තරණය කිරීමට අවශ්‍ය පෙර සූදානමක නිරත වෙමින් සිටින බව වාර්තාවේ.

    නාසා ආයතනය ඊයේ සිදු කළ ප්‍රබල රොකට්ටුවක යාන්ත්‍රික පරීක්ෂාව බෙහෙවින් සාර්ථක වී තිබේ. සඳ තරණය ගඟනගාමීන් සඳ වෙත ගෙන යෑමට අදාළ රොකට්ටුව නිර්මාණය කරනු ලබන්නේ, ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන “බෝයිං” සමාගමයි. මෙම සඳ තරණ මෙහෙයුම “අටෙමිස්” ලෙස නම් කර තිබේ. ඊයේ පරීක්ෂා කළ රොකට් එන්ජිම මිනිත්තු 8ක කාලයක් සාර්ථකව දහනය වීමේ ක්‍රියාවලිය සිදු කර තිබිණ. මිසිසිපි ස්ටෙනිස් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී රොකට්ටුව පරීක්ෂා කෙරුණු අතර මෙය ලොව බලයෙන් වැඩිම රොකට්ටුව ලෙසයි වාර්තා වන්නේ.

    Latest News