ටැන්සානියා ජනපතිගේ මරණයට හේතුව කොරෝනා බවට සැකයක්

මාර් 18, 2021

    දෙසතියක් පුරා රාජකාරිවලින් බැහැරව සිටි ටැන්සානියා ජනාධිපති ජෝන් මගුෆුලි ඊයේ අභාවප්‍රාප්ත විය.

    ඔහුගේ මරණයට හේතුව කොවිඩ්-19 රෝගය ද යන්න පිළිබඳ අවධානයට ලක්වී තිබේ. ජනාධිපතිවරයාගේ මරණය අද නිවේදනය කරනු ලැබුවේ, ටැන්සානියාවේ ජාතික රූපවාහිනි සේවාව මගින්. ඔහුගේ සෞඛ්‍ය පිළිබඳව රජය කිසිදු තොරතුරක් හෙළි කර නොමැත. ඒ නිසා ඔහු රෝගාතුරව ඇති බවට, පසුගිය දෙසතිය පුරා කට කතා පැතිර ගියේය. ජනාධිපති මගුෆුලිගේ මරණයට හේතුව හෘද රෝග තත්වයක් බව වෛද්‍යවරුන් පවසයි.

    එහෙත් එය කොරෝනා ආසාදනයක් නිසා උත්සන්න වුයේ ද යන්න මේ දක්වා තහවුරු කර නැහැ. ජනාධිපතිවරයා කොරෝනා මැඩපැවැත්වීම සඳහා ආගමික යාඥාවන් හා දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ පැණි සම්බන්ධයෙන් පුළුල් විශ්වාසයක් තබා සිටි අයෙකු බව ප්‍රකටයි.

    Latest News