මියන්මාර හමුදා පාලනයට එරෙහි විරෝධතා ඉහළට

පෙබ 09, 2021

    මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා අඛණ්ඩ ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ වන විට එරට අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවයි, වාර්තා වන්නේ.

    මියන්මාර‍යේ හමුදා පාලනයට එරෙහි විරෝධතාවලට එක්වන පිරිස් දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා මේ වන විට ආගමික නායකයින්,වෛද්‍යවරුන්,ඉංජිනේරුවන්,ගුරුවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් ද එක්ව සිටියි.

    මියන්මාරයේ අවුන් සාන් සුකී පැවති රජය බලයට පත් වූ පසුගිය නොවැම්බර් මස පැවති මැතිවරණය දූෂිත බව පෙන්වා දෙමින් මියන්මාර හමුදා නායකයා ඊයේ පළමු වරට ජාතිය අමතමින් සඳහන් කළේ, විරෝධතාවලට එක් වන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණ විය යුතු බවයි.

    අන්තර්ජාල සබඳතා අත්හිටුවා ඇති නිසා එරටින් නිසි රූපරාමු නොලැඹෙන බැවින් අන්තර් ජාතික මාධ්‍ය චන්ද්‍රිකා ජායාරූප ලබාගෙන ඇති අතර ඉන් පෙනීගොස් ඇත්තේ මියන්මාරයේ විශාල ජනකායක් විරෝධතාවලට එක්ව සිටින බවයි.

    Latest News